Sunday, December 20, 2015

Internet Baking.

Internet Baking.

  අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය යුතු වෙනවා .
        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ  ඒවායින්  ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ  අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  ,   Payza (Alert pay) ,   Money booker    කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.

     බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු  මුදල්  ඔහුගේ  නමට  ඇති මෙවැනි අන්තර්ජාල බැංකු ගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
     එනිසා  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්‍රෙඩිට් ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩ්එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට  ඒ හරහා ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට්, ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩි පතකින් නොගෙවා එය   Money booker, Paypal  Payza (Alert Pay)  වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන්බේරිමට හැකිවෙයි.

    HNB හෝ කොමර්ශල් බැන්කුවේ සාමාන්‍ය ගිණුම් වලට දෙන වීසා ඩෙබිට් කාඩ් මෙමඅන්තර්ජාල බැංකු ගිණුම් වලට සම්බන්ධ කරන්න පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩ් එකත්සම්බන්ධ කරන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ කරන්නත් පුලුවන්.

     Money booker එකෙන් නම් දවස් දෙකෙන් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමට මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම  මෙය තමයි ලංකාවට මුදල් ගෙන්න ගන්න තියෙන පහසුම ක්‍රමය.
. . සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ ඒ හරහා  ඔබට අවශ්‍ය  අයට  මුදල්  ගෙවන්න පූලුවන්. Pay Pal වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියෙනව, 
  Alert Pay(payza) එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා ඩෙබිට් කාඩ් එකක්Alert Pay  ගිණුමට  ලින්ක්  කිරීමෙන් එය කරන්න පුලුවන්.
      PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay (Payza)  ගිණුමක්  තබා ගැනිම ඉතාම වට්නව.   

Alert Pay  ලියාපදිංචි වීමට - 

Paypal ලියාපදිංචි වීමට   -
 

  Money booker  ලියාපදිංචි වීමට - 

           ඉතින් මේ අන්තර්ජාල බැංකු ගිණුම් සම්බන්ධව  ඉදිරියේදි තවත් කතා කරමු,    මුලින්ම මුදල් ලැබෙන මාර්ග ගැන උනන්දු  වන්න.

Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth. 

 

No comments:

Post a Comment