ඔන්නඉතින් ගොඩක් කාලෙකට පස්සෙ post එකක් ලියන්න වෙලාවක් ආව. මේ තමයි ebay lesson 2. මම කලින් ලිපියෙ අන්තිමට කිව්වෙ eBay හා PayPal ගිණුමක් හදාගන්නහැටි සහ job ඇති job නැති අපි හැමෝටම හදාගන්න පුලුවන් HNB International Debit කාඩ් පතක් හදාගන්නා හැටි ගෙන ලිපියක් ලියන්නම් කියලයි. ඒත් ඒ ලිපියටතිබුනු ප්‍රතිචාර වලින් මට තෙරුනා ඔයලට eBay හා PayPal ගිණුමක් හදාගන්නහැටි හා HNB International Debit කාඩ් පතක් හදාගන්නා හැටි පිලිබඳ යම්අවබෝධයක් තියනව කියල. ඉතින් ඒ හින්දා අද මම ඔයලට කියල දෙන්නම් eBay වෙතින්අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගන්න ආකාරය පිලිබඳව.
අපේජීවිතේ අපි දැනුම ලබාගන්න විධි 2ක් තියෙනවනෙ. එකක් තමයි දැනට පවතින දැනුම්ප්රභවයන්ගෙන් දැනුම ලබාගැනීම. අනෙක තමයි තමන් විසින්ම අත්හදා බලලාඅත්දැකීම් තුළින් දැනුම ලබාගැනීම. ඔය කියන දෙවිධියෙන් eBay කියන්නෙමොකද්ද?, HNB International Debit card කියන්නෙ මොකද්ද, ඒක ලබාගන්නෙකොහොමද? සහ Paypal වෙතට එම debit card පත link කරන්නෙ කොහොමද? කියන කාරණාමම දැක්කෙ පළවෙනි ගණයට වැටෙන දේවල් විධියට. මොකද මුදල් සම්බන්ධ දෑ වලදිඅත්දැකීමෙන් දැනුම ලබාගන්න ගිහිං අමාරුවෙ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. (හැබැයිඉතිං මං මේවා ඉගෙනගත්තෙ නම් 2 වෙනි විදියට තමයි) නමුත් අද මං මේ කියන්න යන eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් තෝරාගැනීමකියන දේ මම දැක්කෙ තමන්ම අත්හදා බලලා අත්දැකීමෙන් ඉගෙනගන්න ඕන දෙයක්විදියට. ඉතිං එහෙම තමන්ටම අත්හදා බලලා ඉගෙනගන්න යම් කාලයක් දෙන්න ඕන නිසාතමයි ඕනෑවටම මේ ලිපිය ටිකක් ප්‍රමාද කළේ. ඊට අමතරව ඉතිං මට ටිකක් වැඩ වැඩිවීමත් ප්‍රමාදයට හේතුවක් උනා කියලත් අවංකව කියන්න ඕනෙ.
හ්ම්……!සර් කෙනෙක් පංතියකට ආවත් මුලින්ම පාඩම පටන් ගන්නෑනෙ… මුලින් ඔය අනං මනංටිකක් දොඩවනවනෙ… ඔන්න ඉතිං මගෙත් අනං මනං දෙඩවිල්ල ඉවරයි.දැන් අපි පාඩම පටන් ගමු.
HNB Debit card පතක් අරගෙන PayPal වෙත link කරලා, දැනටම වැඩේ පටන් අරං තියෙනඅය මේ වන විටත් අත්දැකීමෙන්ම ඉගෙනගෙන ඇති අද කතාකරන්න යන දේවල් බොහෝමයක්.නමුත් ලිපි මාලාවෙ සම්පූර්ණත්වය සඳහා පිළිවෙළින් එකේ ඉඳං කියන්නම්. ඒ අතරඔබ නොදන්නා දෑත් ඇති. ඒ නිසා ලිපිය මුළුමනින්ම කියවන්න.
eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකිසෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියමභාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදිඑකින් එක සලකා බලමු.
ප්‍රධාන සෙවුම් තීරුව
ඔබටඅවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්නපුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.
All Listing, Auction සහ Buy it Now යන ටැබ
Buy it Now – මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.Auctions – මංමුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිංසාමාන්ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේමවෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්නපුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා.මේ Auction ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇතිභාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලාරැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇතිවැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසිකිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි.All Listing – මෙම ටැබටතේරූ විට Buy it Now යටතේ ඇති භාණ්ඩ හා Auction යටතේ ඇති භාණ්ඩයන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක්නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids…. වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.
[Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැනමං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක්ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now කියන ටැබය තෝරා සෙවීමකරන්න.]
සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිංඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.
මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
Price + Shipping: lowest first – අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමටඅමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේමිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතුමිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙභාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිටප්රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක)මෙයයි.Time: ending soonest – මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසීඅවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ.වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.
අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
Time: newly listed – අලුතෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.Price + Shipping: highest first – භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.Price: highest first – භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.Best Match – ඔබේ සෙවුමකට හරියටම ගැලපිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක්මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්නඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය.ඉතිං ඔබසෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතකකරන්න එපා.
Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර
ඔබටපෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති More refinements… භාවිතා කර ඔබට ඔබේසෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක්වූ භාණ්ඩ අතරින්ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙහි ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.
Categories – ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.
Brand – ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.
Condition – ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.
Price – ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.
Buying formats – ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.
Show only – ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි…
Location – ඔබ තෝරන්නේ කුමන ස්ථානයකසිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේයම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොවපුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)
සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
අපිගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියනආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.
උදා:සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුලPortable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුවලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබටදිස්වෙන්නෙ මොනවද කියලා.
Portable PU Leather Case/Bag for 2.5″ Hard Disk Drive BPortable Leather Case/Bag for SATA 2.5″ Hard Disk DrivePortable SATA 2.5″ HDD Hard Disk Drive Soft Case CoverPortable SATA Box Case 3.5″ HDD Hard Disk Drive SafetyPortable SATA 3.5″ HDD Hard Disk Drive Storage Tank BoxLeatherette Case for 2.5″ Portable Hard Disk HDD WhitePISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag BLeatherette Case for 2.5″ Portable Hard Disk HDD BrownEXTERNAL PORTABLE 2.5″ DRIVE HARD DISK CASE CARRY BAGSmall Sleeve Case Bag for 2.5″ Portable Hard Drive Disk
මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයිමේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුමකළේ “Portable hard disk” කියලා.බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුමසිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩාසෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගතනොහැකි උනේ.
මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා.ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරීප්රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයිප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වලනමුත් “-” ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්…)
අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම:Portable hard disk -case
ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරීභාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්රතිඵලලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම “-” ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.
මේ විදියට:portable hard disk -case -box -battery -bracket
අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්රතිඵලලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේප්රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වනප්රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.
ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා.මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොමකියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයිලිපිය දිග වැඩි වෙන්නෙ.මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදාබැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේහැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.
එහෙනම් ඔන්න අදට පාඩම ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබතෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල් ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය. ඒ ලිපිය ලියන කල් මඟ බලාගෙනඉන්න. ඉක්මණටම ලියන්නම්!
No comments:
Post a Comment