eBay කියන වචනය අද කාලයේ කාටත් හුරු පුරුදු වචනයක්නේ. eBay කියන්නේ මොකක්ද කියල සමහරු නොදන්නවා වුනත් ඒ වචනෙනම් නොදන්න කෙනෙක් නම් නැති තරම්. (මොකද මාත් පොඩි කාලේ eBay ගැන අහල තිබුනත් ඒක මොක්කද කියලා දැනගෙන හිටියේ නැ.)
මම අදුරන අය්යා කොනෙක් ඉන්නවා මහේෂ් කියලා. එයා photographer කෙනෙක්. ඔයාලා දන්නවානේ මමත් photographer කෙනෙක් කියලා. මම O/L ලියලා කම්මැලිකම හින්දා රොෂාන් කියල අය්යා කෙනෙක් එක්ක Wedding වල Videography වලට ගියා. ඒ එක Wedding එකකින් තමයි මට මහේෂ් අය්යාව set වුනේ. එහෙදි අපි කතා කර කර ඉද්දි තමයි මම දැනගත්තේ මහේෂ් අයියා eBayඑකෙන් items ගෙන්නනවා කියලා. එයා eBay එකේ වාසි ගැන කියද්දි මටත් ආසා හිතුනා eBay එකෙන් මොනවා හරි ගන්න. ඒත් මට ඒ කාලේ වයස මදිනේ . මම බලාගෙන හිටියේ මට ඉක්මනට 18 වෙනකනුයි. (මොකද eBay එකෙන් shoping කරන්න පුලුවන් 18+ අයට විතරයි.)
මට 18 වුනාට පස්සේ මම ඉක්මනටම debit card එකක් හදාගෙන මහේෂ් අය්යා හම්බවෙන්න ගිහින් එයාගෙන් eBay ගැන Full Syllabus එකම දැන ගත්තා. මම ගෙදර ඇවිත් net එකෙනුත් eBayගැන පොඩ්ඩක් හොයලා එහෙම බැලුවා. මට එතකොට හම්බවුනා දනික කියල අය්යා කෙනෙක්ගේ blog එකක්. ඒකේ එයා eBay ගැන ලියලා තිබුන post ටිකත් කියවලා බැලුවා. ඊට පස්සේ මම eBayAccount එකක් හදාගෙන PayPal Account එකකුත් හදාගෙන ඉස්සරලාම පොඩි item එකක් ගත්තා. (ඒක $1.98 ක Hot Melt Glue Gun එකක්.) ඉතින් මම මේ post එක ලියන්නේ eBay ගැන දන්නේ නැති සහeBay ගැන දන්න අයගේ දැනුම update කරගන්නත් එකකයි. ඒ හින්දා මම දනිකගේ blog එකෙන් දැනගත්ත තොරතුරු, මහේෂ් අය්යාගෙන් දැනගත්ත තොරතුරු හා මගේම අද්දැකීම් වලින් දැනගත්ත තොරතුරු වලින් මම ඔයාලව දැනුවත් කරන්නම්. (මමදැනගත්ත රහස් ටිකකුත් කියන්නමිකෝ….)
ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.
eBay කියන්නෙ මොකක්ද?
* eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.
eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
* වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට පුළුවන්.
eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
* eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපිeBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අපේ භාණ්ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.
eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
* සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා.eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.
eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
* ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.
eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
* ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
* eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPalහරහා.PayPalහරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.
PayPalකියන්නෙ මොකක්ද?
* PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPalවලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙPayPalගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්ෂිතයි.
සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
eBay ගිණුමක් තිබිය යුතුයි.
PayPalගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි. )
අදට මම ලියන්නේ මෙච්චරයි. මෙතෙක් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මීට අමතරව දැනගත යුතු තවත් මූලිකම දේවල් තියෙනවා නම් ඒවත් අහන්න. එතකොට මං ඒ ප්‍රශ්නත් ඇතුළු කරලා මේ ලිපිය යාවත්කාලීන කරන්නම්. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන සටහනක් තබලා යන්නත් අමතක කරන්න එපා.
eBay හා PayPal ගිණුමක් හදාගන්න හැටි සහ job ඇති job නැති අපි හැමෝටම හදාගන්න පුලුවන් HNB International Debit කාඩ් පතක් හදාගන්නා හැටිත්ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
හැබැයි මේකට එක comment එකක්වත් තිබුනෙ නැත්නම් මම eBay ගැන වෙන ලිපි දාන්නේ අවුරුද්දකට විතර පස්සෙයි.
පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න…
දන්නවනෙ… ඔබේ අදහස් මට ගොඩක් වටිනවා… :)
•°•°
ReplyDeleteහොද ලිපියක් bro👍https://go.ebat.es/DIymmT8IsR යාලුවනේ😁 උදව්වක් විදිහට ඔයත් ebay එකෙන් බඩු ගෙන්වන කෙනෙක් නම් මේ link eken ගිහින් ebebate එකෙ register උනාම 10$❤ free දෙනවා(අනිවා මේ link එකෙන් register වෙන්න 👈) පස්සේ ඔයා ebates හරහා 25$ බඩු මාස 3 ඇතුළත ගෙන්වන්න .දැන් ඔයාටත් ebates active වුනාම එකෙන් cashback වගේම යාලුවො සම්බන්ධ කරලා මුදල් ඉපයීමට පුලුවන් .
ReplyDeleteගොඩක් වටින ලිපියක්.
ReplyDeleteගොඩක් වටින ලිපියක්.
ReplyDeleteගොඩක් වටින ලිපියක්.
ReplyDelete